FAST NEWS

24×7 Around the Globe

කෝටි තුනක හෙරොයින් අල්ලයි.

මහා පරිමාණය හෙරොයින් මත්කුඩු ජාවාරමේ නියැලුණු  පුද්ගලයකු  රුපියල් කෝටි  තුනකට ආසන්න වටිනාකමකින් යුතු  හොරායින් සමග සුඛෝපභෝගී  ජීප් රියකින් ගමන් කරමින් සිටියදී කොටහේන  පැරඩයිස් ක්‍රිඩාංගණය අසලදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දුෂණ මර්දන අංශය කියයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී  ඉටි කවර දෙකක බහා තිබු හෙරොයින් මත් කුඩු කිලෝ 02 යි ග්‍රෑම් 79 ක් පොලීසිය බාරයට ගෙන තිබේ.
මාලිගාවත්ත  ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්  ග්‍රෑන්ඩ්පාස් වඩිවේල් වත්ත ප්‍රෙද්ශයේ පුද්ගලයකු මෙලෙස  අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයා තවත් පුද්ගලයකුට හෙරොයින් ලබා දීමට පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව  එහි ගිය  පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.