FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ සිසුන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්..

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ජාතික හැඳුනුම්පත් ලබානොගත් අපේක්ෂකයින් සිටී නම් කඩිනමින් ඒ සඳහා අයඳුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
මේ වන විට සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් සියයට 95කට පමණ හැඳුනුම්පත් නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් ලක්ෂ 04 ක් පමණ හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර තිබූ අතර ඉන් බොහෝ හැඳුනුම්පත් මේ වන විට නිකුත් කර ඇති බවත් ඉතිරි හැඳුනුම්පත් ප්‍රමාණය ද කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
එහෙයින් මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ දින වෙන් නොකරන බවත් පවසයි.
මෙතෙක් හැඳුනුම්පත් ලබානොගත් විභාග අපේක්ෂකයින් සිටී නම් අවශ්‍ය ලිපිලේඛන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබාදුන් පසු කඩිනමින් හැඳුනුම්පත් ලබාදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.