FAST NEWS

24×7 Around the Globe

සභයේ උණුසුම මැද පාර්ලිමේන්තුව 19 වැනිදා තෙක් කල් තැබේ…(update)

දැඩි පොලිස් ආරක්ෂාවක් සමඟ පාර්ලිමේන්තු සභා ගර්භය වෙතට සෙංකෝලය ගෙන එමට කටයුතු කෙරුණි.
කෙසේ වෙතත් කථානායකවරයාද පාර්ලිමේන්තුව තුළට පැමිණි සිටියේය.
එම අවස්ථාවේ එතුමාගේ ආසනය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් රැගෙන යන ආකාරය දක්නට ලැබුණි.
කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුවේ අසුන් නොගෙනම කථානායකවරයා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කළේය.
නම් අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැති බව ප්‍රකාශ කළත් එම අවස්ථාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉඩ නොදුන් බැවින් කථානායකවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් මස 19 වන දින පස්වරු 01 දක්වා කල්තැබිමට කටයුතු කළේය.
+++++++++++++=(update)

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

අද (16) දිනයේ පාර්ලිමේන්තු සභාවාරය දහවල් 1.30 ට ආරම්භ කෙරෙනු නමුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටිති.
එසේම මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායක පුටුවේ වාඩි වී සිටියි.
තවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක නිරත වෙති.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ඊයේ (15) දිනයේ පිහියක් ගෙන එමේ සිද්ධිය මුල් කරගනිමීන් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා මෙම විරෝධතාවය සිදු වන අප වාර්තාකරු පවසයි.