FAST NEWS

24×7 Around the Globe

දිවා ආහාරයට / එංගලන්තය ලකුණු 85 ක් ඉදිරියෙන්..

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) තෙවැනි දිනයේ දිවා අහාරය සඳහා අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 04 ක් දැවි ලකුණූ 131 ක් ලබා සිටිති.
ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා එංගලන්ත කණ්ඩායම ලකුණූ 85 ක් ඉදිරියෙන් සිටිමට සමත්ව සිටියි.
නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි ජො රූට් ලකුණූ 26 ක් සහ ජොස් බට්ලර් ලකුණූ 14 ක් ලබා සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කඩුළු 02 ක් දවාගෙන සිටියි.
එංගලන්තය පළමු ඉනිමට සියළු දෙනා දැවි ලකුණු 285 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 331 ක් රැස් කළේය.