FAST NEWS

24×7 Around the Globe

“අඹ සුජී” පොලිස් අත්අඩංගුවට..

දකුණු පළාතේ ප්‍රදේශ රැසක මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ ඝාතනයන්ට තැත් කිරීම්වලට සම්බන්ධ සැකකරුවකු වන ජූලන්පිටිය ගමගේ සජිත් කුමාර නොහොත් අඹ සුජී විතාරන්දෙණිය පට්ටියපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.
සැකකර තංගල්ල,මිද්දෙනිය, හුංගම,අගුණුකොළපැළැස්ස, හම්බන්තොට සහ කොහුවල ප්‍රදේශවල සිදුවු වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිරීම්,කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීමේ සිද්ධි රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී තිබේ.
කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2013 වසරේදී කොහුවල පොලිස් අත්අඩංගුවේ සිටියදී මොහු සිරමැදිරියෙන් පලාගොස් ඇති අයෙකු බවද පොලිසිය නිවේදනය කළේය.
සැකකරු සතුව තිබී රිපිටර් වර්ගයේ ගිනිඅවියක් සහ එම උණ්ඩ 05 ක්, යතුරු පැදියක්ජංගම දුරකථන 05 ක් , ජාතික හැඳුනුම්පත් 6 ක් සහ රියදුරු බලපත්‍ර 05 ක් සොයා ගැණුනු බව පොලිසිය කියයි.
ඔහු අද (16) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන බවත් පොලිසිය කියයි.