FAST NEWS

24×7 Around the Globe

අයි.ඔ.සී ඉන්ධන මීලත් පහතට..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (15) සිදුකළ ඉන්ධන මීල පහත හෙළිමට සමගාමීව ලංකා අයි.ඕ.සී සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දමා තිබේ.
ඒ අනුව එම සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 07 කින්,ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05 කින් අඩු කිරිමට පියවර ගෙන තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඊයේ ඔක්ටේන් 92,95 වර්ගයේ පෙට්‍රල් මෙන්ම ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05 කින් පහත දැමීමට කටයුතු කළේය.
ඒ අනුව මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 140 ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 167ක් ද ඔටෝ ඩීසල් වර්ගයේ ලීටරයක් රුපියල් 111ක් ද සුපිරි ඩීසල් ලීටරයක් රුලියල් 136 ක් ද වෙයි.