FAST NEWS

24×7 Around the Globe

අද (16) ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්….

අද (16) වාද්දුව, කළුතර, බේරුවල, අලුත්ගම සහ බෙන්තොට යන ප්‍රදේශවලට පැය 15 ක පමණ කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.
පෙරවරු 08. 30 සිට රාත්‍රී 11. 30 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවන ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය අත්හිටුවීම නිසා මෙම පියවර ගැනීමට සිදුව ඇත.
ඒ අනුව වාද්දුව, වස්කුඩුව, පොතුපිටිය, කළුතර, උතුර, දකුණ, නාගොඩ සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවනු ලබයි.
මීට අමතරව පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.