FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති රිෂාඩ්ගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට නියෝජීතයෝ හතරක් පත්වෙති.

කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු අමාත්‍යය රිෂාඩ් බදියුදීන් මහතා නායකත්ව දරණ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය (ACMC)එක්සත් ජාතික පෙරමුණ යටතේ මහ මැතිවරණයට තරග කර ආසන 4 ක් දිනා ගැනීමට සමත්ව ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහත වන්නි දිස්ත්‍රීක්යෙන් තරග කල එක්සත් ජාතික පෙරමුණු ලැයිස්තුවෙන් ප්‍රථම ස්ථානයට පත්ව මන්ත්‍රී ආසනයක් දිනා ගැනිමට සමත්ව තිබේ.

ආර් ඉෂාක් රහුමාන් අනුරාධපුර දිස්ත්‍රීකයට එක්සත් ජාතික පෙරමුණේන් තරග කර මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට සමත්ව ඇත.

මහරුෆ් මහතා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයෙන් හාහිටපු පාර්ලි මෙන්තු මන්ත්‍රී අමීර් අලි මහතා මඩකලපුව
දිස්ත්‍රීක්කයට එක්සත් ජාතික පෙරමුණේන් තරග කර මන්ත්‍රී ආසන දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.

එසේම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් සමස්ත ලංකා ජනතා කොංග්‍රසයට එක් මන්ත්‍රී ආසනයක් හිමී වීමට නියමීතය.

එ සමග සමස්ත ලංකා ජනතා කොංග්‍රසයයට නව පාර්ලිමෙන්තුවේ මන්ත්‍රී ආසන 5ක් හිමීවේ.

දිගාමඩුල්ල, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රීක්ක වලට සමස්ත ලංකා ජනතා කොංග්‍රසයෙන් තරඟ කළ අපෙක්ෂකයන්ට මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකිව ඇත.