FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි 1 1/2 වටිනා හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට..

රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල නව නුවර පාරේදී අද (15) පෙරවරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා මෙම මත්කුඩු තොගය මෝටර් රථයකින් රැගෙන ගොස් තවත් පුද්ගලයකුට බාර දී සදහා රැදී සිටියදී අත්අඩංගුවට පත්වු බවත්, සැකකරුවන් සතුව හෙරෝයින් කිලෝ 01 යි ග‍්‍රෑම් 57 ක ප‍්‍රමාණයක් තිබු බවද ඒවායේ වටිනාමක රුපියල් ලක්ෂ 126 ට අධික බවද පොලිසිය පවසයි.
සැකකරුවන් කඩුවෙල හා කතරගම පදිංචිකරුවන් වන බවද පොලිසිය කියයි.