FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ජාතික ලැයිස්තුවට පක්ෂයේම කොටසක් විරෝධය පාති.

මැතිවරණයෙන් පරාජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙක් නැවතත් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකගේ විරෝධතාවක් මතුව ඇති බව වාර්තා වෙයි.

හිටපු අමාත්‍යවරුන් වන එස්.බී. දිසානයක, ගමිණි විජත් විජමුණිසොයිසා, පියසේන ගමගේ, නන්දිමිත්‍ර ඒකනායක, මහින්ද යාපා අබේවර්ධන හා මහින්ද සමරසිංහ යන අයට මෙසේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර පිරිනැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි. මෙම අමාත්‍යවරුන් යහපාලන ආණ්ඩුවට සහාය දැක් වූ පිරිස් වෙති.