FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට…25 %ක කාන්තා නියෝජනය අනිවාර්ය කරයි…

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ 25% ක අනිවාර්ය කාන්තා අපේක්ෂකත්වය තහවුරු වන පරිදි පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අද (14) පස්වරුවේ පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේය.
පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇත.