FAST NEWS

24×7 Around the Globe

විශ්වාසභංග යෝජනාවට පක්ෂව 122 ක් අත්සන් කළ බව රනිල් කියයි..

විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රිවරු 122ක් අත්සන් කළ ලිපියක් කථානායක කරු ජයසූරිය මහතාට ලබාදුන් බවත් අනෙක් පාර්ශ්වය එය පිළිගන්නේ නොමැතිනම් හෙට (14) දිනයේදි යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය අමතමීන් සඳහන් කළේය.
“අගමැතිවරයෙක් ඉවත් කිරීමේ හා පත්කිරිමේ ගැසට් නිවේදන ප්‍රතික්ෂේප වුණා. කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයට බලයක් නෑ. ඒක රජයේ නිලධාරීන්ටත් පොලීසියටත් මතක් කරන්න කැමතියි. සමුන්තිරන් මහතා ස්ථාවර නියෝග ක්‍රියාත්මක නොවීමේ යෝජනාව තහවුරු වුණා.
විශ්වාසභංග යෝජනාවට බහුතරයක් කටින් උත්තර දුන්නා. ඒ නිසා කථානායකවරයා කටහඩින් සම්මත බවට තීරණයක් දුන්නා. ඒ යෝජනාවට පක්ෂ වුණ සියල්ලම කථානායකට ලිපියක් බාර දී තිබෙනවා. මන්ත්‍රීවරු 122ක් එයට අත්සන් කර තිබෙනවා.තීරණය වැරදි නම් හෙට ඇවිත් යෝජනාවක් සම්මත කර ගන්න. පාර්ලිමේන්තුවේ බහුතරය දැන් තීරණය වෙලා තිබෙනවා. “