FAST NEWS

24×7 Around the Globe

ගාමිණී සෙනරත් ඇතුළු සිව්දෙනාගේ නඩුව හෙට(15) සිට විභාගයට…

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට එරෙහිව ගොනුකර ඇති නඩුව හෙට (15) සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මණ්ඩලය තීරණය කර ඇත.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු තවත් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකරනු ලැබීය.