FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් හෙට (15) ලිප්ටන් වටරවුමේදී විරෝධතා රැළියක්…

ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ශක්තිමත් කිරීම සඳහා හෙට (15) කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක් සංවිධාන කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝග අනුව කටයුතු කරන ලෙස සියලුම රාජ්‍ය සේවකයන්ට දැනුම් දෙන බව ද රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සදහන් කළේය.
“ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා අරලියගහ මැදුර ආරක්ෂා කිරීම සඳහා ජනතාව පෙල ගැසී සිටියා.අප ලැබූ ජය ශක්තිමත් කිරීමට ලබන බ්‍රහස්පතින්දා අප දැවැන්ත ජන රැළියක් පවත්වනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටනේ එක් පියවරක් ලෙස එය පවත්වනවා.” යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අදහස් දක්වා ඇත.