FAST NEWS

24×7 Around the Globe

ජනපති ව්‍යවස්ථාව උල්ලංඝණය කර නොමැති බව නීතිපති දැනුම් දෙයි..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළ බව අධිකරණ වාර්තාකරු පවසයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවිම නීත්‍යානුකූල නොවන බවට ගොනු කර ඇති පෙත්සම් වලට අදාළව කරුණූ දක්වමීන් නීතිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව පැවසේ.
කෙසේ වෙතත් මෙම කරුණු දැක්විමෙන් අනතුරුව විනාඩි 15 ක කාලයකට සඳහා පෙත්සම් විභාගය කල් තැබිමට අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ.