FAST NEWS

24×7 Around the Globe

‘ගම්පෙරළිය’ වැඩසටහන අත්හිටුවයි…

පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද “ගම්පෙරළිය” වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇත.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කරනු ලැබීය.
වත්මන් ආණ්ඩුව අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ ගම්පෙරළිය වැඩසටහන යටතේ ඒ ඒ දිස්ත්‍රික්කවලට යොමු කළ මුදල් නතර කරන ලෙසට හා එම වැඩසටහන අත්හිටුවන ලෙසටයි.
මේ මස අවසානය වන විට ගම්පෙරළිය වැඩසටහන මගින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් අවසන් කරන ලෙස දැනුම් දී ඇති අතර, එලෙස අවසන් කිරීමට නොහැකි වන ව්‍යාපෘතීන්වල මුදල් යළි මහා භාණ්ඩාගාරය වෙත ලබා ගනු ඇති.