FAST NEWS

24×7 Around the Globe

බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳීසිටීමට එරෙහිව ඉදිරියේදී නඩු මගට…

රනිල් වික‍්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳීසිටීමට එරෙහිව ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ හිටපු අගමැතිවරයාට එරෙහිව ඉදිරියේ දී නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව සදහන්කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුලසිටම මෙම ප‍්‍රශ්න විසඳෙන ආකාරයට ක‍්‍රියාකළ බවත් අවශ්‍ය නම් මේ මොහොතේ අරලියගහ මන්දිරයේ ජලය හා විදුලිය කප්පාදු කිරීමට රජයට බලය ඇති බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේය.