FAST NEWS

24×7 Around the Globe

කොළඹ – කටුනායක අධිවේගයේ ධාවනයට පෑලියගොඩින් සීමා..

කොළඹ නුවර මාර්ගයේ සහ කොළඹ පුත්තලම මාර්ගයේ සිට කටුනායක අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන සඳහා පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුලුවීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරිමට පියවර ගන්නා බව පොලිසිය කියයි.
යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සිදුකළ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන තිබේ.
එමෙන්ම කොළඹ සිට කැලණි පාලම ඔස්සේ අධිවේගි මාර්ගය ඔස්සේ පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ නුවර මාර්ගයට සහ කොළඹ පුත්තලම මාර්ගයට පිටවීමද අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව නතර කර ඇති බවද පොලිසිය වැඩි දුරටත් කියයි.