FAST NEWS

24×7 Around the Globe

ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් දයාසිරි ජයසේකර පත්කරයි…

ජනාමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු , ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යටතට පත් කර ඇත.
ඒ අනුව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම ජනමාධ්‍ය විෂය භාර ලේකම්වරයා වශයෙන් කටයුතු කරනුයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතායි.
ඒ අනුව වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන ආයතන සහ දෙපාර්තමේන්තු සංඛ්‍යාව 24 ක් වන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ද ඒ අනුව එම අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇත.