FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට විශ්‍රාමික නිළධාරියෙක්..

ඔක්තෝබර් 23 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ඒ.ආර් පී ජයතිලක මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත ඔහු සේවයේ යෙදවීමට අදාල විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (10) රාත්‍රී නිකුත් කර තිබේ.
ඔක්තෝබර් 23 වැනිදා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා එවූ ලිපියක් සැලකිල්ලට ගෙන ඔහු වසරක කාලයක් සඳහා මෙලෙස සේවයේ යෙදවීමට තිරණය වි ඇත.