හිටපු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යවා ඇත.
ඒ ඔහු සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින්.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේටිස් නීතීඥ ආයතනය මෙම එන්තරවාසි දෙක යොමු කර ඇති අතර එක් අයෙක්ගෙන් රුපියල් මිලියන පන්සියය බැගින් වන වන්දියක් ඉල්ලා ඇත.
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා විදේශ ගතවීම සම්බනන්ධයෙන් ද්වේශසහගතව හා කීර්තිනාමයට හානියක් වන ආකාරයට ප්‍රකාශ නිකුත් කර තිබූ බව එම එන්තරවාසියේ දක්වා ඇත.
ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළ සියලුම කරුණු සාවද්‍ය බවත් එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එහි සදහන් වේ.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතයට දැඩි ලෙස හානි වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවද එය ජනමාධ්‍යයේ ප්‍රචාරය වී තිබෙන බවද එන්තරවාසියේ දක්වා තිබේ.
දින 14 ක කාලයක් තුළදී මෙම වන්දි මුදල ලබාදීමට කටයුතු කළ යුතු බවත් එහ පැහැර හරින්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත් මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සමාගම ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට දැනුම්දී ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.