FAST NEWS

24×7 Around the Globe

සමාජජාල විඩීයෝව නිසා දුම්රිය වර්ජනය සැරසෙයි..

සමාජ ජාල මාධ්‍ය තුළ ප්‍රචාරය වූ දුම්රිය එන්ජින් මැදිරියකදී පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරුගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණය හෙලා දකින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය..
දුම්රිය රියදුරාගේ රාජකාරියට බාධා කිරීමට අදාලව ඊට සම්බන්ධ මගින්ට එරෙහිව ද නීතිමය පියවර ගැනීමට බලධාරීන් කටයුතු නොකලහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවද එ මහතා වැඩි දඅරටත් පෙන්වා දුන්නේය.