FAST NEWS

24×7 Around the Globe

පිලිපීනයේ හිටපු ජනපතිගේ බිරිඳට සිරදඬුවම්..

පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ බිරිඳ වන 89 හැවිරිදි ඉමෙල්ඩා මාර්කෝස්ට සිරදඬුවම් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.
වර්ෂ 1970 – 1980 දශකයේ දී ස්විස්ටර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ නීතිවිරෝධී ලෙස මුල්‍ය ගනුදෙනුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට මෙම දඩුවම් නියම කර ඇති බව පැවසේ.
‍නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර විට ඇය අධිකරණයට පැමිණි නොසිට බවත් සිරදඬුවම් නියම කිරිම නිසා ඇය අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම පුවත් වාර්තා වැඩි දුරටත් පවසයි.