FAST NEWS

24×7 Around the Globe

තිස්සගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.
තම සේවාදායකයාට සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා මේ මස 17 වනදා සිට 27 දක්වා කාලසීමාව තුළ ජපානයේ සංචාරය කිරීමට අවශ්‍යව පවතින බවට තිස්ස අත්තනායක මහතාගේ නීතිඥවරයා මෝසමක් මාර්ගයෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කරුණු දැක්වූයේය.
ඒ අනුව මේ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එම නීතිඥවරයා සිදු කළ ඉල්ලීම සැලකිල්ලට ගත් විනිසුරුවරයා තිස්ස අත්තනායක මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළේය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ කූට ලේඛනයක් ප්‍රදර්ශනය කර ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල වී තිබේ.