FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණී පාලම අතර කොටස වැසෙයි..

යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් හෙට (10) සිට තාවකාලිකව වසා තැබෙන බව  මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව හෙට (10) සිට කොළඹ – පුත්තලම මාර්ගයේ සහ කොළඹ – නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම තාවකාලිකව නතර කෙරෙයි.
ඒ හේතුවෙන් අලූතින් ඉදිකරන ලද විකල්ප මාර්ගය භාවිත කරන මෙන් එම අධිකාරීය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, අධිවේගී මාර්ගයේ සිට කොළඹ සිට පැමිණෙන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ – පුත්තලම සහ කොළඹ – නුවර මාර්ගවලට පිටවීම ද අත්හිටුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් කියයි.