FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාව හේතුවෙන් කලා වැවේ වාන් දොරටු අඩි 06ක් දක්වා විවෘත කරයි..

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කලා වැවේ වාන් දොරටු අඩි 06 ක් දක්වා විවෘත කර ඇති අතර වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව – අවුකන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද සම්පූර්ණයෙන් ඇනහිට ඇත.
ඊයේ (07) පස්වරුව වන විට අක්කර අඩි 99652 ක්ව පැවති කලා වැවේ ජල මට්ටම මේ වන විට අක්කර අඩි 99095 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
කලා වැවේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂයක් බව කලාවැව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කරයි.