FAST NEWS

24×7 Around the Globe

සි.වී ඉලංගෙයි තමීල් අරසු කච්චි පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි..

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඉවත්වන බවට සඳහන් ලිපිය එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වෙත ලබාදී තිබේ.
යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණ ඊයේ (07) දිනයේදී ඔහු මෙම ලිපිය තමන් වෙත භාරදුන් බව මාවෙයි සේනාධිරාජා මතා මාධ්‍ය වෙත සඳහන් කළේය.