FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමීණල්ලක්..

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමීණිල්ලක් ඉදිරිපක් කළ බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි.
දින කිහිපයක් ඇතුළත කථානායකවරයා විසින් සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු සහිතව අදාළ පැමිණිල්ල ගොනු කළ බවද එම සංගමය කියයි.
1994, 20 අංක දරණ අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමෙන් කරු ජයසූරිය මහතා වසර දහයක කාලයක උපරිමයකට යටත්ව සිරදඬුවම් ලැබිය හැකි වරදක් බැලූ බැල්මට කර ඇති බව විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා සඳහන් කරයි.