FAST NEWS

24×7 Around the Globe

නව අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි….

නව රජයේ කැබිනට් අමාත්‍යරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරියක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය.
චමල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේය.
පසුගිය ආණ්ඩුවේ එම ධුරය දරනු ලැබුවේ රාජිත සේනාරත්න මහතායි.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතා දිවුරුම් දුන්නේය.
මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ කබීර් හෂීම් මහතාය.
පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ද දිවුරුම් දුන්නාය.
නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 19 දෙනෙක් රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙක් මේ වනවිට දිවුරුම් දී ඇති අතර, ඒ අනුව සමස්ත අමාත්‍යධුර සංඛ්‍යාව 37 ක් වේ.