FAST NEWS

24×7 Around the Globe

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්‌නේ ජනපතිගේ නියෝග මත පමණයි…

ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරන බවත් ඒ අනුව ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බවත් පොලිස්පතිවරයා කියා සිටියේය.
ඊයේ (06) රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොලිස් මූලස්ථානයට යොමු කළ ලිපිය වලංගු නොවන බවත් පොලිස්පති වැඩිදුරටත් පැවසීය.