FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ ගමන්ගත් රථය අනතුරට ලක් වෙයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ගමන් කරමින් තිබු ජීප් රථය අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී අනතුරට ලක්වීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා වලස්මුල්ල රජයේ රෝහල වෙත රෝහල්ගත කර ඇතැයි හක්මන පොලීසිය පවසයි.
එම අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂ මහත්මියට කිසිදු හානියක් සිදු වී නොමැති බව සඳහන්.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිද කොළඹ සිට මැදමුලන නිවසේ පැවැත්වෙන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ දානමය පිංකමට සහභාගී වීම සදහා යන අතරතුරදී මෙම අනතුරට ලක්ව ඇති බවද කියැවේ.
මෙම අනතුරට සම්බන්ධ ජීප් රථය හා අත් ට්‍රැක්ටරය වැඩි දුර පරීක්ෂණ සදහා පොලීසිය භාරයට ගත් බවත් ජීප් රථය පැදවු රියදුරු සැක පිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.