FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ සමස්ත ලංකා කාරක සභාව හෙට (08) රැස් වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08 ) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වෙන බව එම පක්ෂය පවසයි.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මේ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ද මෙහිදී ඉදිරිපත් කරීමට නියමිත බවත් පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවීම සඳහා ප්‍රතිසංවිධාන කමිටුව යෝජනා කර තිබූ අතර ඒ සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුව ඇති අතර සමස්ත ලංකා කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිත බවත් එම පක්ෂය කියයි.