FAST NEWS

24×7 Around the Globe

මනෝ ගනේෂන් තවරදුරටත් එක්සත් ජාතික පෙරමුණ සමග..

තමා තවදුරටත් එක්සත් ජාතික පෙරමුණ සමග සිටින බවත් ,ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලට තමා සම්බන්ධ නොවන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්‍රගතිශීලි සන්ධාන අතර අද (07) පෙරවරුවේ කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව තමන් මෙම සාකච්ඡාවට සහභාගි වූ බවත්, පවතින දේශපාලන තත්ත්වය තුළ තමාට සහය දෙන්නැයි ජනාධිපතිවරයා එහිදි තමන්ගෙන් ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් මහතා වැඩි දුරටත් පැවසීය.