FAST NEWS

24×7 Around the Globe

මිලියන 20කට අධික හෙරොයින් සමග කොච්චිකඩේදී සැකකරුවෙකු අල්ලයි…

මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදී රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 60 ක් සමග සැකකරුවෙකු කොච්චිකඩේ තක්කියා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල ප්‍රදේශයේද හෙරොයින් ළග තබාගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එක් අයෙක් බොරැල්ල පුවලිංගම් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 740 ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 51ක් ළග තබාගත් 39 හැවිරිදි සැකකරුවකෙි.
අනෙක් සැකකරු බොරැල්ල සින්න දූපත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 07 යි මිලිග්‍රෑම් 700ක් සන්තකයේ තිබියදී අත්අඩංගුවට පත්විය.