ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා සදහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නොමැති බවයි.
මෙම පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව එම පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයකු වන සර් හියුගෝ ස්වයර් පසුගිය දිනක කරන ලද ප්‍රකාශය පිළිබඳව තමාගේ කිසිදු සතුටක් නැතැයි ද රටක තීන්දු තීරණ ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට විදේශිකයන්ට අයිතියක් නොමැති බවද නේස්බි සාමිවරයා සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ සිදු වූ කිසිවක් ව්‍යවස්ථා විරෝධී නොමැති බවත් මෙම සිදුවීම සාමාන්‍ය එකක් බවත් එක්සත් රාජධානියෙත් පාර්ලිමේන්තු කාලය අවසන් නොකරපු අවස්ථා ඇති බව එතුමන් පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නේස්බි සාමිවරයා….
“මේ සිදුවීම් දාමයට සම්බන්ධ පුද්ගලයන්, විශේෂයෙන්ම ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමයි එරට විධායකය. ඔහු ඡන්දයෙන් තේරී පත්වුණු කෙනෙක්. ඔහු රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි මට විශ්වාසයි. මා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හමු වී තිබෙනවා.ඔහු බුද්ධිමත් පුද්ගලයෙක්.
මම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවා නැහැ. විවිධ නීතිඥයන් විවිධ අදහස් පළ කරනවා. එය ස්වභාවික දෙයක්. රටක සිදුවීම් ව්‍යවස්ථානුකූල ද නැද්ද කියන්න අයිතියක් විදේශිකයන්ට නැහැ. හිටපු කනිෂ්ඨ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදුවීම් ව්‍යවස්ථානුකූල නැතැයි සඳහන් කරමින් ප්‍රශ්නයක් නැගුවා.
එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නීතිය නෙමෙයි. අපට අපේ ව්‍යවස්ථාවක් තිබෙනවා. මගේ පනස් වසරක සේවා කාලයේදී මම ඉතා පරෙස්සමෙන් තමයි කටයුතු කළේ. මම කිසිදු අවස්ථාවකදී එක් පාර්ශවකට සහාය දක්වා නැහැ. ව්‍යාපාර සිදුකර නැහැ. මගේ මිතුරන්ද එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.