FAST NEWS

24×7 Around the Globe

නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස කෙහෙළිය සහ මහින්ද පත් කෙරෙති..

නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්ද සමරසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරු පත් කර තිබේ.
නව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත මෙම පත් කිරිම් සිදු කර ඇත.
මීට පෙර කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්වරු කටයුතු කළහ