FAST NEWS

24×7 Around the Globe

සමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 03 ආරම්භ වෙයි..

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 03 වැනිදා ආරම්භ වී 12 වැනිදා අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් බී . සනත් පූජිත මහතා සඳහන් කළේය.
මෙවර විභාගයට අපේක්ෂකයන් හය ලක්ෂ පනස් හයදහස් හයසිය හතළිස් එක්දෙනෙක් පෙනී සිටින බවත් විභාග මධ්‍යස්ථාන 4661 කදී විභාගය පැවැත්වෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.