FAST NEWS

24×7 Around the Globe

බාධා එල්ල වූ දුම්රිය ධාවන යළි යථා තත්ත්වයට…

ඊයේ (05) රාත්‍රියේ උඩරට දුම්රිය මාර්ගයේ හීල්ඔය සහ ඇල්ල අතර ප්‍රදේශයේ දී පස් කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය.
මේ වන විට උඩරට, කැලණිවැලි සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
මීට අමතරව අද (06) පෙරවරුවේ වේයන්ගොඩ සහ පොල්ගහවෙල අතර ප්‍රදේශයේදී දුම්රියක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ධාවන කටයුතුවලට බාධා ඇතිවිය.
කොට්ටාව සහ හෝමාගම අතර ප්‍රදේශයේදී දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වූ අතර මේ වන විට එම මාර්ග දෙකේම දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.