බන්ධනාගාර තුනක් වෙත ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර ගන්නා බව, බන්ධනාගාර අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාර සඳහා ආරක්ෂිත කැමරා සවි කරන බවත් ,කැමරා සවි කිරීම සඳහා නිශ්චිත ස්ථාන මේ වන විට හඳුනාගෙන අවසන් බවද ඔහු ප්‍රකාශ කළේ ය.
බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියා ඉහළ යාමත් සමග මෙම පියවර ගත් බවත් ,මේ වසර අවසන් වීමට පෙර කැමරා සවි කිරිමේ කටයුතු නිම කිරීමට බන්ධනාගාර අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත් එ මහතා සඳහන් කළේය.
එසේම නීතිවිරෝධී ක්‍රියා මැඩලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය එම බන්ධනාගාර වෙත අනියුක්ත කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට ද සිදුව ඇති බවත් ,එම නිලධාරීන් සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දීමට කාලය ගතවීම හමුවේ එම තත්ත්වය නිර්මාණය වී ඇතැයිද, ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙම බන්ධනාගාර සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශය නිරන්තර අවධානයෙන් සිටින බවද ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.