FAST NEWS

24×7 Around the Globe

අදුර නසා ආලෝකය ගෙන එන දීපවාලී උත්සවය අදයි….

දීපවාලී එසේත් නැත්නම් ආලෝක පේලිය යන්න අරුත ඇති ලෝකය පුරා ජීවත් වන හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන්නා වූ දීපවාලී උත්සවය අදට (06) යෙදී තිබේ.
ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නමැති අසුරයා පරාජය කර ලෝකයට ආලෝකයත්, ආශිර්වාදයත් ගෙන ඒම දීපවාලී උත්සවයේදී සමරණු ලබනවා.
දීපාවලී දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කරන්නේ ආධ්‍යාත්මික ශික්ෂණය, ප්‍රඥාව බඳු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහ විය යුතුය යන්නයි.
එකී අරමුණ සාක්ෂාත් කර ගනු වස් ලෝකවාසී හින්දු බැතිමතුන් පහන් දල්වා දීපාවලී උත්සවය සමරන බව ජනාධිපතිතුමා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද දීපාවලී උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දීපාවලී උත්සවය තුළින් හින්දු භක්තිකයන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවත්, සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයින් අතර අවබෝධය හා සංහිදියාව පිළිබිඹුවන බවය.