FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයන්ට බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාවට බැඳීමට අවස්ථාව…

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් කීපයකට බලපැවැත්වෙන පරිදි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය අද (05) ප්‍රකාශයට පත්කිරීමට නියමිත නව නීතියකට අනුව ශ්‍රී ලාංකිකයන්ටද මහා බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාවලට බැඳීමට අවස්ථාව උදාවී ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලය හෙවත් බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති රටවල පුරවැසියන්ට එරට ආරක්ෂක හමුදාවන්ට බැඳීමට මෙතෙක් අවසර හිමිව තිබුණේ වසර 05 ක් බ්‍රිතාන්‍යයේ වාසය කිරීමෙන් අනතුරුව වන අතර දැන් එරට ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉන්දියාව/ ඕස්ට්‍රේලියාව/ කෙන්යාව/ ෆීජි සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට බලපාන පරිදි එම නීතිය ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එක්සත් රාජධානියේ වාසය කර නොමැති ශ්‍රී ලාංකිකයන්ට වුවද බ්‍රිතාන්‍ය හමුදාවන්ට බැඳීමට අවසර හිමිවනු ඇති.