FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් ගුණවර්ධන මහතා සභානායකවරයා ලෙස වැඩ භාර ගනියි..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නව රජය යටතේ, නව සභානායකවරයා ලෙස අද (05) පෙරවරුවේ වැඩ භාරගෙන තිබේ.
අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතාට සභානායක ධූරය ලබා දීමට තීරණය කෙරුණි.