FAST NEWS

24×7 Around the Globe

පරාක්‍රම සමුද්‍රයේ සියලු වාන් දොරටු විවෘත කෙරේ..

පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද (05) උදෑසන වන විට විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසයි.
මේ අනුව වාන් දොරටු දහයම අඩියකින් විවෘත කර ඇති බවත් ඒ අනුව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙන් ජලය අක්කර අඩි එක් ලක්ෂ 11,100 ක් මේ වන විට පවතින බවත් තප්පරේට ඝන අඩි 1400ක් ජලය එක දොරටුවකින් පිටවන බවද එම කාර්යාලය පවසයි.
මෙසේ පිට කරන ජලය හේතුවෙන් අඹන් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවත් ගඟ පරිහරණය කරන පුද්ගලයින් අවධානයෙන් කටයුතු කළ යුතු බව එම කාර්යාලය වැඩි දුරටත් පවසයි.