FAST NEWS

24×7 Around the Globe

අධීක්ෂණ මන්ත්‍රී ධූර තනතුරු අහෝසි කෙරෙයි..

ඉකුත් රජය සමයේ පත් කර සිටි අධීක්ෂණ මන්ත්‍රී තනතුරු අහෝසි කිරීමටත් ඒ වෙනුවෙන් ඔවුන්ට ලබා දුන් දීමනා හා පහසුකම් අත්හිටුවීමටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අග්‍රමාත්‍යවරයා මෙම තීරණයට එළඹී බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.
මේ අතර දැනට නිල කාලය එකුත්ව විසුරුවා හැර ඇති පළාත් සභා 06 ක ඡන්දය ඉතාම ඉක්මණින් පැවැත්වීමට ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වෙන බවද සඳහන්.