FAST NEWS

24×7 Around the Globe

දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩනයෙන් ලංකාවට බලපෑම්..

දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නොවැම්බර් මස 05 වන දින රාත්‍රියේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බවත් ,එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින හරහා මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (05) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පලාත්වල වැසි තත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ (05 ) සිට ඇතිවිය හැහි බවද සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහධීවර සහ නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටියි.
නැගෙනහිර, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.
ඌව, දකුණු සහ මධ්‍යමපළාත්වලත්, මඩකලපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි. මී. 100-150 පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.