FAST NEWS

24×7 Around the Globe

“ජන මහිමය” රැළිය අද (05) පාර්ලිමේන්තුව අවට රැස්වෙයි….

පාර්ලිමේන්තුව අවට අද (05) පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන කොට්ඨාශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව මෙම ජන රැළිය සංවිධානය කර ඇත.
රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක් වීමට පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන මෙම “ජන මහිමය” රැළියට එක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ හේතුවෙන් පොල්දූව මංසන්ධිය අවට මාර්ග කිහිපයක පස්වරු 12.00 සිට රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය සදහන් කරයි.
ජන රැළිය හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1200ක් ද යෙදවීමට කටයුතු කර ඇත.