FAST NEWS

24×7 Around the Globe

ලංකාවට සිදුකරන විදේශිය අතපෙවීම් ප්‍රතික්ෂේප කරනවා….අවුන්සාන් සුකි

අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා අතර හමුවක් කවුන්සිල් නායිකා නිල නිවසේදි පැවැත්විය.
එහිදී රාජ්‍ය කවුන්සිලයේ නායිකා හා විදේශ ඇමතිනි අවුන් සාන් සුකි මහත්මිය පවසා ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල් ලෙස ශ්‍රී ලංකාව හා මියන්මාරය වැනි රාජ්‍යයන් ඉදිරියට යාමේදි විවිධ විදේශ රටවල් වලින් සිදුකරන විදේශ අතපෙවීම් ප්‍රතික්ෂේප කරන බවය.
ශ්‍රී ලංකාවට ඉදිරියට තම රටේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඉදිරියේදී ලංකාවේ සංචාරයක් සදහා එක්වන බවද ඇය තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කරනු ලැබුවාය.