FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවෙන් නව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට..

පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් පසු රජයේ පළමු කාර්ය ලෙස නව අතුරු සම්මත ගිණුමක් මුදල් හා ආර්ථික කටයුතු ඇමැති ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

අතුරු අයවැය සකස්‌ කිරීම මේ වනවිට මුදල් අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

පාර්ලිමේන්තුව කැඳවන දිනයේදී අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමෙන් පසුව එහි විවාදය හා ඡන්ද විමසීම පසුවට කල්තැබීමට නියමිත බව ද ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ සදහන් කළේය.