FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු වාර අවසන් කිරීමත් සමඟ විශේෂ කාරක සභා හා කමිටු කීපයක් අහෝසියි..

ජනාධිපතිතුමා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හා කමිටු කිහිපයක් අහෝසි වී ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව , පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ මහජන පෙත්සම් කාරක සභාව මෙලෙස අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
මීට අමතරව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12 ක් ද අහෝසි වී ඇති බව ඉද්දවෙල මහතා පැවසීය.