FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමේ ලකුණු….

මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වනු ඇති බව මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ මහතා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් දෙවතාවක් නිවේදන නිකුත් කර ඇත.
මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් පාර්ලිමේන්තුව කැඳවා අග්‍රාමාත්‍යවරයා කවුරුදැයි තීරණය කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ දෙන්නැයි ද යුරෝපා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් මෙතෙක් ගත් පියවර සහ ක්‍රියාමාර්ග අඩපණ වීමේ අවදානමක් ඇති බවත් ඔවුන් සදහන් කරයි.
“ශ්‍රී ලංකා රජය ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගත්තේ විවිධ පොරොන්ඳු හා බැඳීම් මත. ඒවා ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත් එම සහනය ඉවත් කරගැනීම ගැන සලකා බලන්නට යුරෝපා සංගමයට සිදුවෙනවා” රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් තානාපතිවරයා පවසා ඇත.